ඕමානයේ වෙසෙන ලාංකිකයන්ගේ ගැටළුගැන සුනිල් හඳුන්තේති කතාකරයි!

එතෙර අපි සංවිධානයේ ඕමාන් ශාඛාවේ විසින් කළ ආරාධනයක් අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මේ දිනවල එහි සංචාරයක නිරතව සිටින අතර ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 03වනදා ඕමානයේ රුවී නගරයේ අල්ෆ්ලාජ් හෝටලයේදී පෙරවරු 10.00 සිට පස්වරු 03.00 දක්වා එහි වෙසෙන් ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් පවත්වා තිබේ.

එහි සිටින ශ්‍රී ලංකා තානාපති එම්.කේ පත්මනාදන් මහතා, ඕමානයේ සුල්තාන් කාබුස් විශ්ව විද්යාලයේ සේවයේ නියුතු මහාචාර්ය  එච්. කොටගම මහතා සහ ඕමානයේ ශ්‍රී ලංකා විදුහලේ නියොජ්‍ය විදුහල්පති ජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් එය පවත්වා ඇති අතර ඊට එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක්ද සහභාගී වී ඇත.

එහිදී තවත් රැස්වීම් කිහිපයක්ම එතෙර අපි සංවිධායන විසින් සංවිධානය කර ඇති අතර සුනිල් හඳුන්නෙත්ති මහතා ඕමානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරාධනාවකට අනුව එරටදී පැවැත්වෙන ක්‍රීඩා උත්සවයකටද සහභාගී වී තිබේ. 

එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඕමානයේ තානාපතිවරයා සමග සාකච්ඡාවකටද සහභාගී වූ බවද වාර්තා වේ.