ජාතික සමගිය වෙනුවෙන් එතෙර අපි කටාර් වෙතින් සම්මන්ත්‍රණයක්!

පසුගියදා අප මාතෘ භුමියේ පැන නැගුණු ජාතිවාදී ගිනිදැල් මගින් සාමාන්‍ය ජනජීවිතයට සහ රටක් වශයෙන් අප මුහුණදෙන අනිටු ප්‍රතිවිපාක පිළිබදවත් ජාතික සමගියේ වැදගත් කම පිලිබදවත් කටාර්හි ශ්‍රී ලාංකික ප්‍රජාව දැනුවත් කිරීමත් අරමුණු කරගත් රැස්වීමක් එතෙර අපි සංවිධානයේ කටාර් ශාකාවේ මෙහෙයවීමෙන් කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත් විය .

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කටාර් රාජ්‍යයේ ගරු තානාපති තැන්පත් ඒ එස් පී ලියනගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, සහ මුස්ලිම් සංවිධානයන් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී අදහස් දැක්වූ ගරු තානාපති තුමා සහ විවිධ සංගම් වල නියෝජිතයන්ගේ ඒකමතික අදහස වුයේ සියලු ආකාරයේ ජාතිවාදයන් අප මාතෘ භූමියෙන් මුලිනුපුටා දැමිය යුතු බවත් සියලු ජනප්‍රජාවන්ට සාමයෙන්, සමගියෙන් , සහෝදරත්වයෙන් ජීවත් වීමට අදාලවූ වටපිටාවක් තිරසාර ලෙස ස්ථාපිත කලයුතු බවයි.

මෙහිදී පිළිගැනීම සහ අරමුණ පැහැදිළි කිරීම එතෙර අපි කටාර් ශාකාවේ ගරු ලේකම් අරුණ රුවන් කුමාර මහතා විසින් සිදුකළ අතර ඉන් අනතුරුව කටාර්හි ගරු තානාපති ඒ. එස් . පී . ලියනගේ මහතා සහ කටාර්හි ශ්‍රී ලංකා සම්භන්ධිකරන කමිටුවේ සභාපති සනත් කොහොවිලගේ මහතා අදහස් දක්වන ලදී . ඉන් අනතුරුව අෂ්‍රප් මවුලවි තුමා විසින් අනුශාසනාවක් සිදුකරන ලදී. කටාර්හි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් ටෙනිසන් සිල්වා මහතා අදහස් දැක්වූ අතර මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් හසීම් හම්සා , රිස්වාන් යාසිම් , ෆාහිම් මවුලානා යන මහත්වරුන් අදහස් දැක්විය . කටාර්හි ශ්‍රී ලංකා දහම් පාසල නියෝජනය කරමින් කීර්ති ලියනගේ මහතා අදහස් දැක්වූ අතර දෙමල සහෝදරත්වය වෙනුවෙන් උදය කුමාර් මහතා අදහස් දැක්විය . එතෙර අපි කටාර් සංවිධානය වෙනුවෙන් එහි අනුශාසක අනුර හෙට්ටිගොඩ මහතා අදහස් දැක්වූ අතර ස්තුති කතාව කටාර් තානාපති කාර්යාලයේ කන්සුයුලර් නිලධාරී දුලිප් ජයවර්ධන මහතා විසින් සිදු කරන ලදී

Images

Add new comment

This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.

Image CAPTCHA
Enter the characters shown in the image.