ඕමානයේදී ලාංකිකයන් ජවිපෙ පාර්ලි‌‌මේන්තු මංත්‍රී හමුවෙයි.

මේ දිනවල ඕමානයේ නිල සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යන රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව එම රැඳවියන් සමග සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ඕමානයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක්ටද සහභාගී වී ඇත.
එතෙර අපි සංවිධානායේ නියෝජිතයින් ද සහභාගිත්වයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව 
ඕමානයදී මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ.

ඕමාන් රජයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතා නායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඕමානයට ගොස් සිටින 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස නිහාල් ගලප්පත්ති මහතා මෙම සංචාරයට එක්වී සිටින අතරතුරු ඕමානයේ ජවිපෙ කමිටුව විසින් උක්ත සාකච්ඡා සංවිධානය කර තිබී ඇත.

තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යන එම රැඳවුම් මධ්‍යස්ථානයේ රැඳවියන් සමග පැවති සාකච්ඡාව පසුගිය 12වනදා පස්වරුවේ පවත්වා ඇති අතර ශ්‍රී ලාංකිකයන්ගේ හමුව 15 දාපස්වරුවේ පවත්වා තිබේ.

Add new comment

This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.

Image CAPTCHA
Enter the characters shown in the image.